සමාජ සංවර්ධන වැඩසටහන
මෙම වැඩසටහනේ අරමුණ සමාජ ප්‍රශ්න හඳුනා ගැනීම සහ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම සංවර්ධනය කිරීමය. සමෘද්ධි අධිකාරියේ ප්‍රධානම අභිප්‍රාය වන්නේ අසරණ දුප්පත් ග්‍රාමීය ජනයා නගා සිටුවීම හා ඔවුන්ගේ ආකල්ප අපේක්ෂා වැඩිදියුණු කිරීමය.

1 . මත්ද්‍රව්‍ය වැළැක්වීමේ (පාලන) ව්‍යාපෘතිය
මත් භාවිතය තුළින් දිළිඳු ජනතාවට ආර්ථික හා සමාජීය ගැටළු රාශියකට මහුණ දීමට සිදුවේ. මෙම තත්ත්වය අවම කරගැනීමේ අරමුණින් දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය භාවිතා අවම කරගැනිමෙන් ප්‍රචාරණ, ආකර්ෂණය අඩුකර ගැනිමටත් උත්සාහ ගෙන ඇත.
මෙහිදි දිස්ත්‍රික් ආවරණය වන පරිදි මත් නිවාරණය අවම කර ගැනිම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් දිවයින පුරා වැඩසටහන් පවත්වනු ලැබේ.

2 . ළමා අපචාර අඩු කිරීම හා ළම සුභසාධන වැඩපිළිවෙලක් ඇති කිරීමේ ව්‍යාපෘතිය
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියත් ජාතික ළමා රක්ෂණ අධිකාරියත් සම්බන්ධ වී ළමා අයිතිවාසිකම්, ළමා වගකීම්, ළමා අපචාර වළක්වාගැනීම් ආදී සාධක මුලික කරගෙන විවිධ වැඩසටහන් සංවිධානය සිදුකරනු ලැබේ.
කැකුළු ළමා සමාජ පිහිටුවීම් මගින් ළමයින්ගේ කායික මානසික ඒකාග්‍රතාවය ඇති කිරීමට කටයුතු කල අතර, මෙම ළමා සමාජ තුල ගද්‍ය, පද්‍ය, චිත්‍ර තරඟ, සිඟිති පොළවල් පැවැත්වීම, ළමා නිර්මාණ එළි දැක්වීමත්, සංස්කෘතික සාරධර්ම දියුණු කිරීම් ආදී විවිධ ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි.

3 . ජාත්‍යන්තර දින සැමරුමි
සමාජ සංවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාකරවන්නන් අවුරුද්දකට කාර්තුවකට එක බැගින් ජාත්‍යන්තර දින 4 ක් සිහිපත් කිරිම මෙහෙයවනු ලැබේ.
ජාත්‍යන්තර කාන්තා දිනය                    (මාර්තු 08)        
ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය          (මැයි 31)  
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය                (සැප්තැම්බර් 08)          
ජාත්‍යන්තර දිළිදුකම පිටුදැකීමේ දිනය    (ඔක්තෝම්බර් 10 – 17)
ළමා හා වැඩිහිටි දිනය                         (ඔක්තෝම්බර් 01)

4 . වැඩිහිටි සුභසාධනය
සමාජ සංවර්ධන වැඩසටහන යටතේ මෙම වැඩසටහන ජාත්‍යන්තර වැඩිහිටි දිනය ඔක්තොම්බර් 01 දින සැමරිමට ක්‍රියාත්මක කර තිබේ.

බස්නාහිර පළාත් සමාජ සේවා දේපාර්තුමේන්තුවේ මහජනාධාර/විශේෂිත ආධාර/ නඩත්තු ආධාර යන අනෙකුත් සේවා සැපයීම පිළිබඳ තොරතුරු

1  මහජනාධාර මාසික දීමනා ගෙවීම

යැපීම් මාර්ගයක් නොමැති අඩු ආදායම් ලාභී විශේෂ සහනයක් අවශ්‍ය හෝ තනි පවුලක් වීම.

පහත වර්ගීකරණ එකකට අයත් විය යුතු ය.

  1. යැපෙන්නන් ඇති හෝ නැති වෘද්ධ අයෙකු වීම.
  2. යැපෙන්නන් ඇති හෝ නැති වයස්ගත වීමෙන් හැර කායික මානසික වශයෙන් සදහට ම අබලන් වූ අයෙකු වීම.
  3. යැපෙන්නන් ඇති හෝ නැති ඉපයීමක් කර ගත නොහැකි ලෙඩ වූවෙකු වීම.
  4. සැමියා මිය ගිය හෝ සැමියාගේ ආධාර නොලැබී ගොස් යැපෙන දරුවන් සිටින  යැපීම් මාර්ග නොමැති ස්ත්‍රීන්.
  5. වයස අවු: 16ට අඩු අනාථ දරුවන්
  6. අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවෙකු වීම.

අවශ්‍ය ලිපි ලේඛන

1   මහජනාධර 01(අ) 02 (ආ) දරණ ආකෘති පත්‍රය

2  මහජනාධාර ලැබීමට අවශ්‍ය රෝගී තත්වය සනාථ කරන වෛද්‍ය වාර්තාව

රෝගාධාර  ගෙවීම

1  පිළිකා රෝගය, ක්ෂය රෝගය, ලාදුරු රෝග, කැලිසීමියා රෝගය

ඉහත රෝගයෙන් පෙලෙන්නෙකු වීම.

 අඩු ආදායම්ලාභී පවුලක සාමාජිකයෙකු වීම.

 බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෙකු වීම.

අවශ්‍ය ලිපි ලේඛන

  1. රෝගී අයගේ හෝ භාරකරුවෙකුගේ රෝගාධාර ඉල්ලීම් ලිපිය
  2. අඩු ආදායම් ලාභී පවුලක් බවට සහතික කළ ග්‍රාම නිලධාරී ලිපිය
  3. රෝගයට අදාල වෙද්‍ය වාර්තා

ආබාධිත උපකරණ සැපයීම

 ලබාදෙන උපකරණ

 රෝද පුටු/ත්‍රයිසිකල්/වැලමිටිකරු/සුදු දුරයටි/වෝකර්ස්/වායු මෙට්ට/ජල මෙට්ට/‍කොමඩ් රෝද පුටු/බස්තම(තනි/පාද හතර)/කිහිලිකරු/ කෘතිම පාද/කැලිපර් සපත්තු

 අවශ්‍ය සුදුසුකම්

 1  උපතින් හෝ හදිසි අනතුරකින් රෝගී තත්වයක් මත ආබාධිත තත්වයට පත් වීම

 2   අඩු ආදායම් ලාභී වීම

 3  බස්නාහිර පළාතේ ස්ථ්ර පදිංචිකරුවෙකු වීම.

 අවශ්‍ය ලිපි

  1. SSD/SD/01  අංක දරණ ආබාධිත උපකරණ ඉල්ලීම් අයදුම් පත්‍රය (අබල වාර්තා)
  2. ඉල්ලීම් ලිපිය
  3. ආබාධිත භාවය සනාථ කිීමේ වෛද්‍ය සහතිකය‍

 අක්ෂි කාච ඇස්කණ්නාඩි ශ්‍රවණ උපකරණ ලබා දීම

1.උපතින් හෝ හදිසි අනතුරකින් හෝ රෝගී තත්වයට පත් වීම

2.අඩු ආදායම් ලාභී පවුලක් වීම

3. බස්නාහිර පළාතේ ස්ථ්ර පදිංචිකරුවෙකු වීම.

අවශ්‍ය ලිපි :-

  • SSD/SD/01  අංක දරණ  උපකරණ ඉල්ලීම් අයදුම් පත්‍රය
  • වෛද්‍ය වාර්තා
  • අක්ෂි කාච ඉල්ලීමක දී රාජ්‍ය ඔසු හල මගින් අදාළ ඇස්තමේන්තු මිල ලබා ගඅනීම
  • අක්ෂි කාච ඇස්තමේන්තුව රු: 20,000.00 ඉක්මවන්නේ නම් වැඩිවන මුදල තමා විසින් වැය කර අක්ෂි කාච ලබා ගැනීමට එකග වන බවට ඉල්ලුම් කරුගේ ලිපිය

අධ්‍යාපන ආධාර

1  බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෙකු වීම.

2  අඩු ආදායම්ලාභියෙකු වීම

3  වැන්දඹු ,දික්කසාද ,සැමියා හැරගිය ගෘහමූලික,ආබාධිතව ඇති පාසල් යන වයසේ දරුවන් සිටින පවුලක් වීම

4  දැනට පාසල්වල දරුවන් අධ්‍යාපනය ලබමින් සිටීම

අවශ්‍ය ලිපි

1  SSD/SD/01දරන ඉල්ලුම් පත්‍රය

2  ඉහත කරුණු සනාථ කිරීමට දිවුරුම් ප්‍රකාශයක්

3  රෝගි තත්ත්වය සත්‍ය නම් වෛද්‍ය වාර්තා

4  දරුවන් අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිගේ සහතිකය

5  උප්පැන්න සහතිකයේ පිටපතක්

විශේෂ ආධාර

1  මූල්‍ය ආධාර

2  පෝෂණාධාර

3  වෛද්‍ය ප්‍රතිකාර ආධාර

4  සැත්කම් ආධාර

ලිපි ලේඛන:-

  • SSD/SD/01  අංක දරණ  ආධර ලබා දීමේ ඉල්ලීම් අයදුම් පත්‍රය
  • ඉල්ලීම් ලිපිය
  • රෝගි තත්ත්වය සත්‍ය නම් වෛද්‍ය වාර්තා
  • සැත්කම් සිදුවන දිනය වැයවන මුදල සඳහන් ඇස්තමේන්තුව (අදාල වෛද්‍යවරයා විසින් සහතික කළ)

රෝගාධාර ලබා ගැනීම.

1වැළදි ඇති රෝගය ක්‍ෂය රෝගය හෝ පිළීකා හෝ ලාදුරු හෝ තැලසීමියා රෝගය හෝ විය යුතුය
2. ඉතාමත් දිළීදු අඩු ආදායම්ලාභි පවුල් විය යුතුය

ඉල්ලූම්පත්‍ර පෝරම

අයදුම් පත්‍රය නම / අංකය විස්තරය
ඉල්ලුම් කිරිමේ ලිපිය රෝගාධාර ලබා ගැනීම සදහා හේතුව දැක්විම
එස් එස් /ටීබි /3 අයදුම් පත අයදුම්කරු අයදුම්පත සම්පුර්ණ කර අදාළ ග්‍රාම නිලධාරිතුමාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීය යුතුය

පිළිවෙල පියවරෙන් පියවර (රෝගාධාර ලබා ගැනීම)
පියවර 1 : අයදුම්කරු ඉල්ලූමේ ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ග්‍රාම නිළදාරිට භාර දිය යුතුය.
පියවර 2 : අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්‍රාම නිලධාරියාගෙන් ලබා ගත යුතුය
පියවර 3 : සම්පුර්ණ කරන ලද අයදුම්පත රඡයේ රෝහලකින් ලබා ගත් වෛද්‍ය සහතිකයද  සමග අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ග්‍රාම නිලධාරියාට භාර දිය යුතුය
සටහන:

  1. වෛද්‍යවරයා විසින් රෝගය පැවති කාලය වෛද්‍ය සහතිකයෙහි සදහන් කල යුතුය
  2. මෙම කාලය පිළිකා සදහා වලංගු නොවේ
  3. ලාදුරු රෝගියෙක් නම් වෛද්‍ය සහතිකය ලාදුරු වැලැක්විමේ ව්‍යාපාරය මගින් ලබා ගත යුතුය

පියවර 4 : ග්‍රාම නිලධාරි නිර්දේශ කරන ලද අයදුම්පත සමග වෛද්‍ය සහතිකය සහ ඉල්ලූමේ ලිපියද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතුය
සටහන: අයදුමිකරු සෘඡුවම අයදුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දුන් විට ඉහත පියවරවල් අවශ්‍ය නොවේ
පියවර 5 : සමාඡ සේවා නිළදාරි අයදූම්පත් පරික්ෂා කර සුදුසු යැයි දැන් වු පසු ප්‍රාදේශීය ලේකම් ඉල්ලීම අනුමත කරනු ලැබේ පසුව අයදුම්කරුට මහඡනාධාර කාඩ්පත ග්‍රාම නිලධාරියාගෙන් ලබා ගත හැක
පියවර 6 : අයදුම්කරුට ලගම ඇති තැපැල් කාර්යාලයෙන් රෝගාධාර ලබා ගත හැක
සටහන 1: සේවාව ලබා ගන්නා පුද්ගලයා අසනිප වු අවස්ථාවකදි ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙක් ග්‍රාම නිලධාරියාට දන්වා එම ආධාර මුදල ලබා ගත හැක.
අයදුම්කරු වෙනුවට කටයුතු කරන පුද්ගලයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා ලද එස්.එස්/පී/4 අයදූම්පත පුරවා ග්‍රාම නිලධාරීතුමාගෙන් අනුමත කරගෙන ලගම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් ආධාර මුදල ලබා ගත හැක
සටහන 2: රෝගාධාර සැම මසකම 6 වෙනිදා හා 13 වෙනිදා අතර දිනකදි ලගම පිහිටි තැපැල් කාර්යාලයෙන් ලබා ගත හැක
ඉහත දිනයන්හි රෝගාධාර ලබා ගත නොහැකි වුවහොත් නැවත එම හිග මුදල ලබා ගත නොහැක

කාලසීමාව: පිළියෙල කිරීමට ගතවන කාලය (දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)
ඉදිරිපත් කිරීමේ කාලසීමාව - වැඩ කරන වේලාවල් තුළදී
වලංගු කාලසීමාව - එක් මසකදී
වැඩ කරන වේලාවල් හා දවස්

සේවය සඳහා ගෙවීම
මෙම සේවය සදහා ගෙවීම කලයුතු නොවේ.

අවශ්‍ය සහායක තොරතුරු

  1. ඉල්ලුම්කිරිමේ ලිපිය
  2. රඡයේ රෝහලකින් ලබා ගත් වෛද්‍ය සහතිකය

සටහන:

  1. වෛද්‍යවරයා විසින් රෝගි වි සිටි කාළය වෛද්‍ය සහතිකයේ සටහන් කල යුතුය
  2. ලාදුරු රෝගියෙක් නම් වෛද්‍ය සහතිකය ලාදුරු වැලැක්විමේ ව්‍යාපාරය මගින් නිකුත් කරනු ලැබේ

විශේෂ කරුණු

  • අයදුම්කරු අසනීප වු අවස්ථාවකදි අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිතුමාට දැනුම් දි ඒ වෙනුවට වෙනත් අයෙක් යෙදවිය හැක
  • අයදුම්කරු වෙනුවට කටයුතු කරන පුද්ගලයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා ලද එස්.එස්/පී/4 අයදූම්පත පුරවා ග්‍රාම නිලධාරිතුමාගෙන් අනුමත කරගෙන ලගම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අරමුදල ලබා ගත හැක


රෝගාධාර නැවැත්විම සහ අත්හිටුවිම

  • අයදුම්කරුගේ මරණින් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රෝගාධාර දීමනාව ගෙවිම නැවැත්විය හැක.
  • ආධාර ලබන්නෙකු මාස 3 ක් නොකඩවා එක දිගට රෝගාධාර මුදල් ලබා නොගත්තොත් එම රෝගාධාර මුදල අත්හිටුවිමට පුලුවන. රෝගාධාර මුදල අත්හිටුවු දිනයේ සිට මාස 3 ක් ඇතුලත නැවත ඉල්ලිමක් නොකලොත් එම රෝගාධාර මුදල නැවැත්විය හැක.
  • රෝගාධාර මුදල් ලබන්නන්ගේ පවුලේ ආර්ථික තත්වය යහපත් වු පසු රෝගාධාර මුදල නැවැත්විය හැක.
  • පදංචි ස්ථානය වෙනස් කිරිම

සටහන: රෝගාධාර සෑම වර්ෂයකම සංශෝධනයන්ට යටත් වේ

රෝගාධාර දීමනාව නැවත අලුත් කිරීම
සෑම අවුරුදු තුනකට වරක්ම අයදූම්පත එස්.එස් / පී 1  අලුත් කළ යුතුය

News & Events

28
අගෝ2017
අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම පරීක්ෂා කිරීම https://iwms.wbb.gov.lk/household/search      ...

Scroll To Top